Monday, January 05, 2009

ලංකාවේ ඕපන් සෝ(ර්)ස් කාරයෝ සහ බුද්ධහගම් කාරයෝ

ඔය දෙකම බොහොම හොඳයි. හැබැයි ලංකාවේ ඉන්නවා ඔය දෙකම අනික් මිනිස්සුන්ට එපා කරවන්න කැප වෙච්ච කණ්ඩායම් ටිකක්.

කවුරු හරි කෙනෙක් නිකමට ප්‍රශ්ණයක් ඇහුවොත් ඒ අයට තද වෙනවා...

"අඩෝ... අපේ ඕපන් සෝර්ස් තමයි ලෝකේ තියෙන හොඳම සොෆ්ට්වෙයාර්... උඹලාගේ වින්ඩෝස් අමු ලෙඩක්" / "අඩෝ මේක අපේ බුද්ධහගම... උඹලාට මේක ගැන ප්‍රශ්න කරන්න අයිතියක් නෑ" කියලා අනික් අයට පාට් දානවා.

දෙගොල්ලොන්ගෙම පොදු වාක්යයකුත් තියෙනවා...

"මේක තේරෙන්නෙ අපි වගේ මොලේ තියෙන අයට විතරයි... උඹලා වගෙ මොඩයින්ට මේවා තෙරෙන්නෙ නෑ..."

4 comments:

  1. agree about OS..not about buddhism...budda said our religion is for only those who understands

    ReplyDelete
  2. සිංහල Unicode වලට බැස්සද? එල එල

    ReplyDelete
  3. I think they both are some sort of religions and all believers act the same.

    ReplyDelete
  4. සිංහලෙනුත් ලියලා බලනවා...

    අපේ බුද්ධහගම කියන එක ටිකක් හරි මදි නේද?
    මොකද මේක බොහෝ දෙනෙක්ගේ හිත සුව පිණිස දෙසා වදාරපු ධර්මයක් නේ. උඹලා මෝඩයෝ කියලා ඒ කාලේ කොටසක් අයින් කරලා ධර්ම දේශණා කරා නම් අපිටත් ඕක අහන්න වත් වෙන එකක් නෑ නේ. එක එක්කෙනා තම තමන්ගේ නෑණ පමණ අවබෝද කර ගන්නවා කියලා නේ කියලා තියෙන්නේ. අනික බෞද්ධයා කියන්නේ ධර්මයේ හැසිරෙන කෙනා මිසක් උප්පැන්නේ ආගම බෞද්ධ කියලා තියෙන අය නෙවෙයි කියනවා නේ. එහෙම බැලුවොත් ලංකාව බෞද්ධ රටක් ද කියලත් අහන්න වෙනවා...

    අපි කොහොමද තව කෙනෙකුට බුදු දහම තේරෙනවා ද නැත්ද කියලා තීරණය කරන්නේ අපිට වත් මේක තේරෙන්නේ නැතුව? අපිට තේරෙනවා නම් රහත් වෙලා ඉන්න එපෑයි.

    තව කෙනෙක් බෞද්ධ දර්ශණය නිග්‍රහයට පත් කරණවා නම් නියම බෞද්ධයා තමන්ට පුළුවන් නම් ඒ කෙනාට තරහා නොයන විදිහට කරුණු පැහැදිලි කරලා දෙන්න ඕනේ; ඒක කරන්න බෑ කියලා තේරෙණවා නම් මෛත්‍රී කරලා උපේක්ෂාවෙන් අයින් වෙලා ඉන්න ඕනේ කියලා තමයි මට නම් හිතෙනේ.

    මොකද ධර්මයේ ගුණයක් තියෙනවා කියනවා නේ නිරාවරණය වෙන්න වෙන්න ආලෝකමත් වෙන. අපි වෙන කෙනෙක් එක්ක වාදයකට පැටලෙනවා කියන්නේ අපි ධර්මයේ හැසිරෙන්නේ නැතුව වෛරයෙන් ක්‍රෝධයෙන් ධර්මය ආවරණය කරන එකයි.

    ReplyDelete