Sunday, January 11, 2009

ඉතින් සිරසට ගහලා ලසන්තව මරලා කියනවා නේද?

මටත් ඉතින් ඕක ආරන්චි උනා.. එත් මේ කිලිනොච්චිය අල්ලපු ජොලියට ඕක ගාණක් ගියේ නෑ. පස්සේ බැලින්නම් මේ සිද්දි දෙකටත් කට්ටිය පිල් බෙදිලා රණ්ඩුව නේ. ෆේස් බුක් එකේ පවා මේකට පිල්!

සමහරු කියනවා ආණ්ඩුවෙන් ලු කරේ. තව කණ්ඩායමක් කියනවා ගහපු එක හරි ලු!

මැරවින් ජනාධිපති උණා නම් ඔන්න ආණ්ඩුවෙන් ගැහුවා කියලා හිතන්න පුලුවන්. මහින්ද රාජපක්ෂ මැරයා තමයි... හැබැයි මෝඩ තකතීරු මැරයෙක් නෙවෙයි.

උන්දෑ කරානම් මොකක් හරි නීතියක් පිටින් දාලා සිරස වහලා ආණ්ඩුවට පවර ගනියි. සිරසේ ලොක්කෝ හිරේ දායි. අලිමන්කඩත් අල්ලපු එකේ, ඒකේ උනුසුමෙන් එහෙම දෙයක් කරන එක කජ්ජක් ද?

යූ ඇන් පිය ආණ්ඩුව පෙරලන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ. ඉන්න මන්ත්‍රීලා කොයි වෙලේද අනික් පැත්තට පනින්නේ කියලා බලාගෙන ඉන්නේ. ඉතින් දෙයියනේ ආණ්ඩුව අල්ලගේන ඉන්න එකත් ලේසි නැතුව ඇති රාජපක්ෂ මහත්තයාට. ඒකෙන් වෙන්නේ ගොන් මූසල හැතිකරේ ඔක්කෝගේම ඕනෑ එපාකම් ආණ්ඩුවේ එකවුන්ට් එකෙන් පිරිමහන්ට වෙන එක. ඒකෙන් ප්‍රයෝජනේ අරගෙන යූ ඇන් පි කාරයොත් වෙන්නේ මොකක්ද, ඒක ආණ්ඩුවේ පිටට දාන්ට තමයි හදන්නේ.

ඕක කරේ ආණ්ඩු පක්ෂෙ එකෙක් නම් ආයෙ දෙකක් නෑ ඉතින් රූපවාහිනියට ගහපු මෑන්ම තමයි.

හැබැයි ආණ්ඩුවෙන් නොකරා වෙන්ටත් ලොකු චාන්ස් එකක් තියෙනවා. කවුද දන්නේ... තමන්ගේ එකා මරලා හරි රජ වෙන්ට බලන මිනිස්සුත් ඉන්නවා නේ...

ලංකාවේ මාධ්ය (යුනිකෝඩ් වල යන්සේ නැද්ද?) නිදහසක් නම් නෑ තමයි. හැබැයි ඉතින් ලන්කාවේ මාධ්ය කාරයොන්ට සදාචාරෙකුත් නෑ නේ. ලියන්ට ගියාම ඕනෑ එකයි එපා එකයි ඔක්කෝම ලියනවා. ඒක නිසා ඔය පුවත් වාරණය කරාට නම් මගේ විරුද්ධත්වයක් නෑ ඔන්න. මොකද මාධ්ය නිදහසට වඩා (වැඩි දෙනෙකුට) නොමැරී ඉන්න තියෙන අයිතිය වටිනවා නේ.

හැබැයි මේ සිරසට ගහපු එක හරි කියලා කියන එක නම් වැරදි. සිරස කියන්නේ මට එපාම කරපු චැනල් එකක් තමයි. ඉතින් නොබලා හිටියම ඉවරනේ. බලන්ට ඕනේ උන් බලන් නැතෑ... එහෙම ගහලා කාගේ හරි දේපලක් විනාස කරලා දාන එක හරි කියනවා නම්, හොරකම්, මිණී මැරුම්, ස්ත්‍රී දූෂණත් හරි වෙන්ට ඕනේ.

ඇයි අපේ මිනිස්සු දේශපාලණය ගාව ගන්නේ නැතුව ඔය සිද්දිය මනින්නේ නැත්තේ?

සිරසට ගැහුවේ, ලසන්තව මැරුවේ, දේශපාලණ හේතු නිසා වෙන්න ඇති... ඒත් දේශපාලණය පැත්තකින් තිබ්බම ඒ කාරණා දෙකම සමාජ සම්මතයෙන්ම වැරදි නේ ද? මොන රටක නීතියෙන් උනත් මිනී මැරුම බරපතල වරදක් නේ. අනුන්ගේ දේපල විනාස කරන එකත් ඒ වගේම වරදක්. ඒවා සාධාරණී කරණය කරන්න තරම් අපේ මිනිස්සු දේශපාලණයෙන් අන්ධ වෙලාද?

සිරසට ගහපු එක හරි කියලා එලිපිට ප්‍රකාෂ කරන, ඒ වෙනුවෙන් සමාජ කණ්ඩායම් හදා ගන්න අයගේ ගේවල් වලට පැනලා බඩු මුට්ටු කුඩුපට්ටම් කරොත් හරි ද?

අර කලින් දවසක සෑම් කිව්වා වගේ, අපේ රට නම් හදන්ට පුලුවන් රටක් නෙවෙයි.