Saturday, January 16, 2010

හමුදා විනය සමාජ ගත කිරීම.

අපේ සමාජයේ විනයක් නෑ කියන එක දැන් හැමෝම කියනවා නේ. හබැයි විනය නෑ කියන්නේ අනිත් අයගේ, තමන්ගේ එහෙම විනයේ අඩුවක් නෑ හුඟ දෙනෙකුට.

ඔය කොහොම උනත් සමහරු කියනවා නේ හමුදාවේ විනය හදපු විදිහටම සමාජයෙත් විනය හදන්න පුලුවන් කියලා. ඉතින් ඒ ගැනයි මේ මම ලියන්න ලෑස්තිය.

එදිනෙදා ජීවිතයේදී වැඩිම විනය කඩකිරීම් මම දකින්නේ මාර්ග නීති පිලිපැදීම සම්බන්ධයෙන්. විනයක් නැති රියදුරන් අතරින් පෞද්ගලික බස් රථ රියදුරන්, ත්රීරොද රථ රියදුරන්, යතුරු පැදි ධාවකයන් ඉන්නේ බොහොම ඉදිරියෙන්.

එතකොට යුධ හමුදා වාහන?

හමුදා කඳවුරු ඇතුලේ නම් ඔවුන් විනය ගරුකව රිය පදවනවා ඇති. ඒත් මහා මාර්ග වල නම් ඔවුන් තරම් පිරිහුන විනයකින් පෞද්ගලික බස් රථ රියදුරන් වත් රිය පදවන්නේ නෑ.

එතකොට, පෝලිමක ඉඳලා වැඩක් කර ගන්න ගියොත් කන්තෝරුවකින්...

සාමාන්ය මිනිස්සු පොරකනවා, පෝලිම් පනිනව, හමුදා නිලධාරි? "මම ෆෝසස්" කියලා හැදුනුම් පත පෙන්නලා පෝලිමේ ඉන්නේ නැතුවම වැඩේ කර ගන්නවා. හැබැයි හමුදා කඳවුරක් ඇතුලේ නම්? බොහොම පිලිවෙලට පෝලිමේ ඉන්නවා.

ඇයි මේ වෙනස? හමුදා විනය කියන්නේ ඉහල නිලධාරීන් කෙරෙහි තියෙන බයත්, දැඩි දඬුවම් වලට ඇති බයත් නිසා ඇති වුන දමනයක් මිස, ස්වයන් හික්මීමක් නොවන නිසා.

මේ විදිහට අපිට මුලු සමාජයම දමනය කරන්න පුලුවන් ද?

එහෙම කරනවා නම්, සමාජයේ බය ජනිත කරවන්න, දඬුවම් දෙන්න පත් කරන්නේ කාවද? හමුදා සෙබලුන් ද? ඔවුන්ගේ විනයක් තියෙනවා ද එලෙස සමාජය පාලනය කරන්න? එලෙස සමාජය දමනය කිරීමට පත් වන නිලධාරින්ට හික්මීමක් තිබේවිද තමන්ට ලැබී තිබෙන බලතල වලින් අයුතු ප්රයොජන නොගෙන සිටීමට?

යුද හමුදාවට බැඳෙන්නේ, එක සමාන අද්යාපන සුදුසු කම් තියෙන එක වයස් මට්ටමේ පුද්ගලයින්. ඒත් සාමාන්ය ජන සමාජයේ විවිධ තරාතිරමේ මිනිස්සු ඉන්නවා. ඉතින් හමුදා විනය සමාජ ගත කරන්න පුලුවන් වෙයි ද?

පාසල් මට්ටමින් විනය හදන එක ගැන මොකද කියන්නේ?

හරියට පෝලිමක ඉන්න පාසැලේදි අපිට ඉගැන්නුවේ නැද්ද? හරියට වෙලාවට වැඩ කරන්න අපිට ඉගැන්නුවේ නැද්ද? ඒත් පාසැලෙන් එලියට ඇවිත් අපි එහෙම කරනවා ද නැද්ද?

යතාර්තය තියෙන්නේ එතන නෙවෙයි. මිනිස්සුන්ගේ විනය පිරිහෙන්න බලපාන්නේ ඔවුන්ගේ මානසික පීඩනය. මිනිස්සුන්ගේ හිත් වල ප්රශ්න වැඩි වෙනකොට විනය ඉබේම පිරිහේනවා. මිනිස්සුන්ගේ ආර්තික සමාජීය ජීවන තත්වය ඉහලට ගෙනාවොත් විනය ඊට සමානුපාතිකව ගොඩ නැගේවි.

Thursday, December 31, 2009

Oh, It's 2010

Firecrackers disturbed my sleep. Got up to realize it's midnight.

I'm feeling sorry for all the dogs, cats and all those domestic animals who get dead scared by these fucked-up, insane humans who enjoy making so much noise.

Personally, this was the first new year's eve for me in Sri Lanka since 2005; and that too, I spent alone.. pathetic.

Hmm.. Anyways, wish everyone a happy new year 2010.

Last post of the year